
පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා.
පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියා.
එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු වූ අතර, පසුව ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් කෙරුණා.
මේ හේතුවෙන් ඔහු පසුගිය දෙසැම්බර් 21වනදා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පැවති පරීක්ෂණයට දෙවන වරටත් සහභාගි වී තිබුණ.
කෙසේ වෙතත්, එම පරීක්ෂණයෙන්ද ඔහු අසමත් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් දීර්ඝ වන බවයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සඳහන් කළේ.