/
/
title icon
ජනපති චීන සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යයි
ජනපති චීන සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යයි
Editor
4 days ago
Share:
ජනපති චීන සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යයි

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්  රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required