/
/
title icon
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ජනවාරි අවසානයේ
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ජනවාරි අවසානයේ
Editor
1 month ago
Share:
ගංවතුරෙන් හානි වූ වගාවන්ට වන්දි ජනවාරි අවසානයේ

පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

වගා හානි  පිළිබඳ තක්සේරු කිරීම් 95%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා කියා සිටියේ.

යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල වගා හානි තක්සේරුකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවද ඔහු සඳහන් කළා.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබුණු පසු වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required