චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එරට ජනපති ෂී ජින්පින් මහතා අතර හමුව අද සිදුකෙරුණා.
එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබීම සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙහිදී ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්ශන ශාලාව නැරඹීමටද එක්වුණා.
මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස එක්ව තිබුණා.
චීන මහජන ශාලාව වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන හමුදාවේ උත්තමාචාර මැද මහත් හරසරින් පිළිගනු ලැබූූ අතර, ජනාධිපතිවරයා සහ චීන ජනපති ෂී ජින්පින් මහතා අතර හමුව සිදුවුයේ එහිදීයි.
රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවය.