
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට අදාළව සිදු කෙරෙන සාකච්ඡාවලට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.