දුම්රිය රියදුරන් දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා.
කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බව සඳහන්.
අදාළ විභාගය අනිද්දා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතයි.
මේ හේතුවෙන් අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.