/
/
title icon
ආචාර්ය ගැටලුව CIDටත් යයි
ආචාර්ය ගැටලුව CIDටත් යයි
Presila Sandaruwani
1 month ago
Share:
ආචාර්ය ගැටලුව CIDටත් යයි

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී තිබෙනවා.

ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙය බව සදහන්.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේකම් කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ.

මෙම තත්ත්වය තුළ ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

කෙසේ නමුත් මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීන් 08 දෙනෙකු පමණ එම දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් වූ බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required