/
/
title icon
ගිනිගත්හේනේ හෝටලයක් කඩා වැටී සිසුන් 06ක් රෝහලේ
ගිනිගත්හේනේ හෝටලයක් කඩා වැටී සිසුන් 06ක් රෝහලේ
Editor
1 month ago
Share:
ගිනිගත්හේනේ හෝටලයක් කඩා වැටී සිසුන් 06ක් රෝහලේ

ගිනිගත්හේන නගරයේ  අනාරක්ෂිත වෙළෙඳසැලක ආහාර ලබාගැනීම සඳහා ගිය සිසුන් 06 දෙනෙකු එහි ලී තට්ටුවක් සමග බිමට කඩා වැටී අනතුරට ලක්ව තුවාල ලබා තිබෙනවා. 

එම සිසුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන් අද උදෑසන මෙසේ අනතුරට ලක්ව තිබුණා. 

අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් ගිනිගත්හේන නගරයේ උපකාරක පන්තියකට සහභාගීම සඳහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. 

එහෙත් හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15ක පමණ බෑවුමකට මෙම සිසුන් හය දෙනා පෙරළීගොස් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය කියා සිටියේ. 

දැඩි ලෙස අබලන්ව  අනාරක්ෂිත මෙම හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් විසින් සිසුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට හෝටලය වසා දමා තිබෙනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required