/
/
title icon
දකුණු කොරියාවේත් දැවැන්ත උද්ගෝෂණ
දකුණු කොරියාවේත් දැවැන්ත උද්ගෝෂණ
Presila Sandaruwani
1 month ago
Share:
දකුණු කොරියාවේත් දැවැන්ත උද්ගෝෂණ

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටින බවයි වාර්තා වන්නේ.

හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල් ධුරයෙන් පහ කරනු ලැබුවා.

කෙසේ නමුත් ඉන් පසුව දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් උද්ගත වුණා.

අනතුරුව රජයට එරෙහිව කැරළිගැසූ බවට නඩු විභාගයක් ආරම්භ කළා.

කෙසේ නමුත් එම නඩු විභාගය කැඳ වූ අවස්ථා තුනකදී ම යුන් සුක් යෝල් එය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්වුණා.

මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව සිටිනවා.

දකුණු කොරියානු විපක්ෂයට සහ එරට අධිකරණ පද්ධතියට යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන්ගෙන් මෙහි දී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

දහස් ගණනක විරෝධතාකරුවන් හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්වූ බවට පැවසු යුන් සුක් යෝල් මුල දී අවධාරණය කළේ විමර්ශන සඳහා සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වුවද ඔහු මෙතෙක් විමර්ශන සඳහා සහාය දක්වා නොමැති අතර ප්‍රශ්න කිරීම්වල දී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required