/
/
title icon
සතොස වෙළෙඳසැල් දහසක් කිරීමට ආණ්ඩුවෙන් සැලසුම්
සතොස වෙළෙඳසැල් දහසක් කිරීමට ආණ්ඩුවෙන් සැලසුම්
Editor
1 month ago
Share:
සතොස වෙළෙඳසැල් දහසක් කිරීමට ආණ්ඩුවෙන් සැලසුම්

පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. 

අනුරාධපුර, පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට පවතින සතොස වෙළෙඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස 03 තුළ භාණ්ඩ මිල 17%කින් අඩු කිරීමට රජයට හැකියාව ලැබුණු බවයි. 

එසේම, මෙම වසර තුළ සතොස වෙළෙඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කිරීමට රජය සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required