/
/
title icon
ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කෙරෙයි
ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කෙරෙයි
Presila Sandaruwani
3 months ago
Share:
ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කෙරෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය වනවා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූවා.

එමෙන් ම චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්ශ‍ෙන් මහතා ඊට අත්සන් තබා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required