
රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක අමතර මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ.
ඇඹිලිපිටිය වී ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ වනවිටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වී සඳහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවා.