
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිත කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කරගැනීමේ වරද මත මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.