/
/
title icon
අල්ලස් ගත් විදුහල්පතිවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි
අල්ලස් ගත් විදුහල්පතිවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි
Presila Sandaruwani
1 month ago
Share:
අල්ලස් ගත් විදුහල්පතිවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි

පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයකු අද අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ටල් දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබෙනවා.

පසුව එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදු කළ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්තඩංගුවට ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required