/
/
title icon
ආපදාවලින් 20,000ක් පීඩාවට - සහන සලසන්න මිලියන 30ක්
ආපදාවලින් 20,000ක් පීඩාවට - සහන සලසන්න මිලියන 30ක්
Editor
1 month ago
Share:
ආපදාවලින් 20,000ක් පීඩාවට - සහන සලසන්න මිලියන 30ක්

දිස්ත්‍රික්ක 18කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පවුල් 5,821ක පුද්ගලයින් 19,032 ක් පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 02ක් බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් වාර්තා වනවා.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 30ක්. 

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියයන පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදලද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 250,000 ක්ව පැවති එම මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required