
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඒ බව සඳහන් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදෑසන ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර, දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
සවස තේ පානයේ මිල රුපියල් 200ක්.
මෙම නව මිල ගණන් පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.