/
/
title icon
පාරිභෝගික අධිකාරිය රාත්‍රියේත් වැටලීම් අරඹයි
පාරිභෝගික අධිකාරිය රාත්‍රියේත් වැටලීම් අරඹයි
Editor
2 months ago
Share:
පාරිභෝගික අධිකාරිය රාත්‍රියේත් වැටලීම් අරඹයි

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් පසුගිය දින කිහිපය තුළ සහල් වැඩිමිලට විකිණීම  සම්බන්ධ වැටලීම් සියයකට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

එහි ඉදිරි පියවරක් ලෙස එම අධිකාරියේ නිලධාරීන් විසින් අද දිනයේද රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයෙහි වැටලීම් සිදුකර ඇති අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කළ වෙළෙඳුන් කිහිප දෙනෙකුම නීතියේ රැහැනට හසුකරගෙන ඇති බව සඳහන්.

එසේම ඉදිරියේදී සති අන්ත සහ රාත්‍රි කාලයේද වැටලීම් සිදුකරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 

මෙහිදී නිලධාරීන්ට සහල් තොග අලෙවිසැල් උපාය දූතයින් ලවා පරීක්ෂා කරමින් පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැල් හිමිකරුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් ලැබී තිබෙනවා.

එමෙන්ම සුපිරි වෙළෙඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළෙඳසැල්, තොග ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කිරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required