
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා.
2000 වසර වන විට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000ක අගයක පැවති බවත් ඒ අවස්ථාව වනවිට මෙරට ජනගහනය මිලියන 18ක අගයක පැවති බවයි ඔහු කියා සිටියේ.
එහෙත්, 2024 වසර වනවිට මෙරට ජනගහනය මිලියන 23 දක්වා වැඩි වී ඇතත්, පොල් නිෂ්පාදනයේ වර්ධනයක් සිදුව නොමැති බවයි මහාචාර්ය පෙන්වා දෙන්නේ.
මේ අතර, පොල් හිඟයට දීර්ඝකාලීන විසඳුමක් ලෙස පොල් පැළ මිලියන 3ක් මේ වසර තුළ සිටුවීමට පොල් වගාකිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.