/
/
title icon
ගුවන් හමුදාපති උදේනි විශ්‍රාම යයි - වාසු එයි
ගුවන් හමුදාපති උදේනි විශ්‍රාම යයි - වාසු එයි
Editor
1 month ago
Share:
ගුවන් හමුදාපති උදේනි විශ්‍රාම යයි - වාසු එයි

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ලබන 29 වැනිදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා. 

සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයායී. 

ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30 වැනිදා නම්කරනු ලැබුවා.‍ 

වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි. 

ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා. 

වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේදී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අයෙක්. 

1970 වසරේ මහනුවර දී උපත ලැබූ වාසු බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙක්ද වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required