/
/
title icon
අත්අඩංගුවට ගැනුණු යෝෂිත රිමාන්ඩ්
අත්අඩංගුවට ගැනුණු යෝෂිත රිමාන්ඩ්
Editor
1 month ago
Share:
අත්අඩංගුවට ගැනුණු යෝෂිත රිමාන්ඩ්

අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපමහතාව අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු බෙලිඅත්තේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, ඔහුගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්.

අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ ඔහුගෙන් එහිදී පැය 4කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කර කරගත්තා. 

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන - සිරිමල් පෙදෙසේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළවයි.

එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළ උදෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කළ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නඩුවේ සැකකරුවකු ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවද පොලීසිය පැවසීය.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකාරිය වන්නේ, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේස් ෆොරස්ට් නම් කාන්තාවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required