/
/
title icon
හිටපු ජනපති මහින්දගේ පුත් යෝෂිත අත්අඩංගුවට
හිටපු ජනපති මහින්දගේ පුත් යෝෂිත අත්අඩංගුවට
Editor
1 month ago
Share:
හිටපු ජනපති මහින්දගේ පුත් යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා‍. 

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිවතව තිබෙනවා. 

යෝෂිත රාජපක්ෂ මහතාව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදීයී. 

සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රත්මලාන - සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගියදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. 

මේ වනවිට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required