/
/
title icon
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුමක් - 04ක් රෝහලේ
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුමක් - 04ක් රෝහලේ
Editor
1 month ago
Share:
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ ගැටුමක් - 04ක් රෝහලේ

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා. 

එහිදී තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා කියා සිටියේ, රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි. 

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය කැඳවනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required