/
/
title icon
2024 ICC නැගී එන ක්‍රීඩකයා කිරුළ කමිඳු මෙන්ඩිස්ට
2024 ICC නැගී එන ක්‍රීඩකයා කිරුළ කමිඳු මෙන්ඩිස්ට
Editor
1 month ago
Share:
2024 ICC නැගී එන ක්‍රීඩකයා කිරුළ කමිඳු මෙන්ඩිස්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා. 

කමිඳු 2024 වසරේදී පිතිකරුවෙකු ලෙස ඉහළ සාර්ථකත්වයත් අත්කර ගැනීම මීට හේතු වී ඇති අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු 2024 වසරේදී ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 යන සෑම තරග රටාවක්ම ක්‍රීඩා කළා. 

එහිදී කමිඳු මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,451ක්. 

කමිඳුගේ දක්ෂතා වැඩි වශයෙන් ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ඉස්මතු වුණා. 

ගෙවුණු වසරේ ඉහළම අවධානයකට ලක් වූ ටෙස්ට් පිතිකරුවෙකු වන කමිඳු, එම වසරේදී ටෙස්ට් තරග 9ක ඉනිම් 16ක ක්‍රීඩාකර ලකුණු 1,049ක් රැස්කිරීමට සමත්ව තිබෙනවා. 

කමිඳුගේ දක්ෂතා අතර ශතක 5ක් හා අර්ධ ශතක 3ක් වුණා. 

එහි පිතිකරණ සාමාන්‍ය 74.92ක්.

2024 වසරේදී ලකුණු 1000ට වඩා රැස්කර ඇත්තේ ද පිතිකරුවන් 6 දෙනෙකු පමණක් වන අතර, ඔවුන්ගෙන් ඉනිමක හොඳම පිතිකරණ සාමාන්‍ය ඇත්තේ කමිඳුට වීම විශේෂත්වක්.

කමිඳු 2024 වසරේ ICC ටෙස්ට් කණ්ඩායමටද ඇතුළත්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required