/
/
title icon
දුම්රිය ඊ-ටිකට් වංචාවට ඇතුලේම අය ගැනත් සැකයක්
දුම්රිය ඊ-ටිකට් වංචාවට ඇතුලේම අය ගැනත් සැකයක්
Editor
1 month ago
Share:
දුම්රිය ඊ-ටිකට් වංචාවට ඇතුලේම අය ගැනත් සැකයක්

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්  දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශනය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ටිකට් පත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒ යටතේ සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  මහත්මියට දැනුම් දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required