/
/
title icon
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීමට නව මෘදුකාංගයක්
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීමට නව මෘදුකාංගයක්
Presila Sandaruwani
4 weeks ago
Share:
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීමට නව මෘදුකාංගයක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඉදිරියේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිල දී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා,

"අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිල දී නොගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම නුදුරේදීම සිදු කරනවා."

"අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදු වී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණක්. අනවසර ජංගම දුරකථන මගින් සිදුකරන සමාජ විරෝධී වැඩ අවම කිරීම, ජංගම දුරකථන මගින් අයථා ගනුදෙනු කරන පුද්ගලයන් හඳුනාගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේ දී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා."
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required