/
/
title icon
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව සහිත ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව සහිත ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි
Presila Sandaruwani
4 weeks ago
Share:
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව සහිත ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.

27 වන දින රාත්‍රී කාලයේ දී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරට පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුව ඇති අතර එහි දි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

එහි දී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවටත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තවද ධීවරයින් 11 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයටත් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධව කන්කසන්තුරය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required