/
/
title icon
77 වැනි නිදහස් දින සමරු උළෙලෙහි විශේෂ වෙනස්කම් ‍රැසක්
77 වැනි නිදහස් දින සමරු උළෙලෙහි විශේෂ වෙනස්කම් ‍රැසක්
Presila Sandaruwani
4 weeks ago
Share:
77 වැනි නිදහස් දින සමරු උළෙලෙහි විශේෂ වෙනස්කම් ‍රැසක්

"ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවයි.

නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසූවා.

එමෙන් ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අදත් නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු පැවැත්වුණා.

ජාතික නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් පෙබරවාරි 02 වැනිදා දක්වා පෙරවරු 6 ත් - දහවල් 12 ත් අතර කාලය තුළ කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required