
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා.
කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති අතර, අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළා.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින්දද ඊට එක්ව සිටියා.
සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයක්.
මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්වුණා.