
දිවයින පුරා වායු තත්ත්ව දර්ශක අගය අද දිනයේ දී සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.
පසුගිය දින දෙකෙහි වායු තත්ත්ව දර්ශක අගය 150 ඉක්මවා ගියත් මේ වන විට රට මැද බොහෝ තැන්වල වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු අගයක් ගෙන ඇති බව සඳහන් වන්නේ.
එම අගය, 150ට වැඩිව පවතින එකදු ස්ථානයක්වත් අද දිනයේ වාර්තා වී නොමැති බවත්, කොළඹ, ගාල්ල, මාතර සහ යාපනය යන ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ද 100ට ආසන්න අගයක බව ඒ මහතා පවසනවා.
එමෙන්ම ඔහු පැවසුවේ මේ තත්ත්වය ද ඉතා ඉක්මනින් මෙය පහව යනු ඇති බව අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත් ස්වසන අපහසුතා ඇති සංවේදී පුද්ගලයන්ට යම්කිසි අපහසුතායක් ඇති වන්නේ නම් අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් මෙම වායූ දුෂණ තත්ත්වය වැඩිවීමට ප්‍රධානත ම හේතුව වී ඇත්තේ ද මානව ක්‍රියාකාරකම් බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
පහත දැක්වෙන්නේ අද දිනයේ ශ්‍රී ලංකාව අවට වායු ගුණාත්මක තත්ත්වය දැක්වෙන සිතියමකි.


