/
/
title icon
මුලු ශ්‍රී ලංකාව ම එකට සමරන්න විශේෂ දිනයක් නම් කරනවා - ජනපති අනුර
මුලු ශ්‍රී ලංකාව ම එකට සමරන්න විශේෂ දිනයක් නම් කරනවා - ජනපති අනුර
Presila Sandaruwani
2 months ago
Share:
මුලු ශ්‍රී ලංකාව ම එකට සමරන්න විශේෂ දිනයක් නම් කරනවා - ජනපති අනුර

ශ්‍රී ලංකාවේ සියලු ම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

යාපනයේ සංචාරයක නිරතව සිටින ජනධිපතිවරයා වැල්වෙටිතුරෙයිහි අද පැවති රැස්වීමක් අමතමින් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බව ජනාධිපතිවරයා මෙහි දී පැවසූවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කො ම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?.

අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා...ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතු කරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.

අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ.  

උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා."
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required