/
/
title icon
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස් වෙයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස් වෙයි
Presila Sandaruwani
4 weeks ago
Share:
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස් වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරනවා.

ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ය.

ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබෙනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා වුණා.

මීට අමතරව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required