
කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම වසරේ ජනවාරි මාසයේ දී 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා.
2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද වාර්තා අතරට එක්වුණා.
මේ අතර අද දිනයේ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.15ක්් ලෙස සටහන්ව තිබුණා.