
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවති 40වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබෙනවා.
එමෙන් ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳූවා.
එමෙන් ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබෙනවා.
ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේ දී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවා.
ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවුණා.