
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසින් වාර්තා අතරට එක්වනවා.
2017 වසරේ ඉන්දියාවේ නාග්පූර්හිදී පැවැති තරගයකදී ඉන්දියාව හමුවේ ඉනිමකින් හා ලකුණු 239ක පරාජයක් මීට පෙර ඔවුන් ලබා තිබුණා.
දිනයක් ඉතිරිව තිබියදී අවසන් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර ඉනිම අත්හිටුවනු ලැබුවා.
කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 165ක් පමණයි.
ඒ අනුව ලකුණු 489ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
කෙසේ වෙතත්, එහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමද ලකුණු 247 සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.