
මෙවර නිදහස් දිනය සුවිශේෂී දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු ලබන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
උතුරේ, දකුණේ, නැගෙනහිර හා රට මැද ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ද නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවා.