/
/
title icon
රට ම නිදහස සමරන අතරේ උතුරේ සෙනඟ කලු කොඩි ඔසවා විරෝධතාවයක
රට ම නිදහස සමරන අතරේ උතුරේ සෙනඟ කලු කොඩි ඔසවා විරෝධතාවයක
Presila Sandaruwani
3 weeks ago
Share:
රට ම නිදහස සමරන අතරේ උතුරේ සෙනඟ කලු කොඩි ඔසවා විරෝධතාවයක

නිදහස් දිනය වන අද දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වී තිබුණා.

තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමිනුයි උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණේ.

එලෙස ම යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත වුණා.

විරෝධතාවයට එක් වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගත වී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවයි.

එමෙන්ම වර්තමාන පාලකයින් හරහා ද අතුරුදන්වූන්ගේ ගැටලුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත්, වර්තමාන පාලකයින් ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required