/
/
title icon
සාම්ප්‍රදානුකූලව ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමෙයි
සාම්ප්‍රදානුකූලව ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමෙයි
Presila Sandaruwani
3 weeks ago
Share:
සාම්ප්‍රදානුකූලව ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමෙයි

'ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව පෙරදැරිව පැවති 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව අද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදු කර තිබෙනවා.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේ දී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට එහි අණදෙන නිලධාරී, කපිතාන් චන්දන ප්‍රියන්ත ගේ මෙහෙයවීමෙන් මෙය සිදු කර තිබෙනවා.

වෙඩිමුරයක් පවත්වා ආචාර පුද කිරීමේ දී පිරිනැමෙන උපරිම වෙඩිමුර සංඛ්‍යාව වන වෙඩිමුර 25ක් පිරිනැමිම ජාතිය වෙනුවෙන් පිරිනමනු ලබයි.

වෙඩිමුර පවත්වා ආචාර පුදකිරීමේ සම්ප්‍රදාය සඳහා 14 වන ශතවර්ෂය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙඩිමුර ආචාර ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් වෙඩි මුර ආචාරයක් පිරිනැමීම එවකට රාජකීය නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේ දී 1948 වර්ෂයේ දී පවත්වනු ලැබූවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට නිදහස හිමි වූ 1948 වර්ෂයේ පෙබරවාරි මස 04 වන දින සිට නාවික හමුදාව විසින් ජාතිය වෙත ගෞරව පුදකිරීම වෙනුවෙන් ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබ ඇති අතර 2021 වර්ෂයේ සිට මෙම ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පිරිනැමීම නෞකාවක මත සිට සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

එමෙන් ම වෙඩි මුර ආචාරය පැවැත්වෙන අවස්ථාවේ සයුර නෞකාවේ කුඹගස ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් ‘25 Gun Salutes for the Nation’ යන පණිවුඩය කියවෙන ආකාරයට සාම්ප්‍රදායිකව සැරසීම ද නාවික හමුදාව විසින් සිදු කරනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required