/
/
title icon
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අවසර
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අවසර
Presila Sandaruwani
3 weeks ago
Share:
පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අවසර

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට අවසර හිමි වනවා.

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි මෙම පොල් ආනයනය සිදුකිරීමට නියමිතයි.

පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සොයා බලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස 2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට නියම කරනු ලැබ ඇත.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළව මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර තිබෙනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required