/
/
title icon
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්
Presila Sandaruwani
3 weeks ago
Share:
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, සියලු ම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙන පරිදි වීසා සම්බන්ධ සියලු ම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බවයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය තව දුරටත් වීසා පැකේජ සම්බන්ධ සෘජු ඉදිරිපත් කිරීම් හෝ එකතු කිරීම් නොපිළිගන්නා බව ද ඔවුන් වීසා අයදුම්කරුවන්නට දැනුම් දී තිබෙනවා.

එමෙන් ම ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර යාවත්කාලීන කරන ලද ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස ද ඉල්ලා සිටිනවා.

පෙබරවාරි 8 වනදා සිට සුවිශේෂී බෙදාහැරීමේ සේවා සහ විකල්ප ගෙවීම් ක්‍රම පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි බව ද වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.

https://ustraveldocs.com/lk/en/nonimmigrant-visa/
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required