/
/
title icon
වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදෙන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක
වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදෙන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක
Presila Sandaruwani
3 weeks ago
Share:
වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදෙන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද තහවුරු කළා.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

"අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙනවා. මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ඒ වාහනය ආපහු බාර දෙන්න ඕනේ."

"අති සුඛෝපභෝගී නොවන වාහනයක් ලබාදීම සඳහා දැන් වාහන සංචිතයක් හදාගන්න වෙලාවක් නැහැ. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. අපේ ප්‍රමුඛතාව මන්ත්‍රී වාහන නෙමෙයි."

"මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත."

"අවුරුදු 5කට පස්සේ තමයි අපේ ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙන්නේ වාහන ආනයනය සඳහා යම් අවසරයක් ලබාදෙන්න. දැන් ආර්ථිකය අපි ප්‍රතිසංස්කරණය කරගනිමින් යනවා. එයට සාපේක්ෂව වාහන ආනයනය සඳහා අපි යම් අනුමැතියක් දී තිබෙනවා."

"මෙයින් අපේ විදෙස් සංචිතවලට එන බලපෑම පිළිබඳව සුපරික්ෂාකාරීත්වයකින් තමයි වාහන ආනයනය කරන්නේ."

"ආරම්භයේදී සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ."

"ඒකට අදාළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් විවාදයකුත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා."
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required