/
/
title icon
10% - 30% අතර ප්‍රමාණයකින් පහළ බසින ජල ගාස්තුව
10% - 30% අතර ප්‍රමාණයකින් පහළ බසින ජල ගාස්තුව
Presila Sandaruwani
3 weeks ago
Share:
10% - 30% අතර ප්‍රමාණයකින් පහළ බසින ජල ගාස්තුව

10% - 30% අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ද සඳහන්.

ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

අනතුරුව සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required