/
/
title icon
ජනපතිගෙන් නීතිපතිට හදිසි කැඳවීමක්
ජනපතිගෙන් නීතිපතිට හදිසි කැඳවීමක්
Editor
3 weeks ago
Share:
ජනපතිගෙන් නීතිපතිට හදිසි කැඳවීමක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී නීතිපති පාරින්ද රණසිංහ මහතා කැඳවා තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා පස්වරු 1.45ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, මේ සඳහා අධිකරණය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පැය 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගියා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා ලිපියක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required