/
/
title icon
අපරාධ කර ඩුබායි පැන්න තුනක් යළි දිවයිනට
අපරාධ කර ඩුබායි පැන්න තුනක් යළි දිවයිනට
Editor
3 weeks ago
Share:
අපරාධ කර ඩුබායි පැන්න තුනක් යළි දිවයිනට

මෙරට තුළ සිදුවූ මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ, අධිකරණය මග හැර, ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් 03 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා. 

ඒ, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදීයී. 

මෙම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස්, සැකකරුවන් භාරගෙන අද දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙනවිත් තිබුණා. 

ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද - ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු වන අතර, ඔහුට 2024 වසරේ බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ, ඩිපෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට, වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා. 

අනෙක් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වනවා. 

ඔහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස්වලට පහර දී දේපළ වලට අනර්ථයන් සිදු කර, කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයෙක්.

මෙම කණ්ඩායමේ රැගෙන ආ තෙවන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක් වනවා. 

මොහු අකුරැස්ස - මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදුකර, එම අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙක්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required