
Aero India Show යනු ඉන්දියාවේ බැංගලෝර්හි පැවැත්වෙන ද්විවාර්ෂික ගුවන් සංදර්ශන සහ ගුවන් ප්‍රදර්ශනයකි. එය ඉන්දියාවේ හමුදා ගුවන් සේවාව, ආරක්ෂක තාක්ෂණය සහ වාණිජ අභ්‍යවකාශ යන අංශයන්හි නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කරනු ලබයි. වර්ෂ 1996 සිට වසර ගණනාවක් පුරා ප්‍රදර්ශන පරිමාණයෙන් මෙන් ම වැදගත්කමකින් ද වර්ධනය වී ඇත. එලෙස ම ලොව පුරා සහභාගිවන්නන් සහ අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට ද සමත් වී ඇත.

ජාත්‍යන්තර ප්‍රවේශයෙන් බලන කල Aero India ප්‍රශර්ශනයෙහි වර්තමානය දෙස බලන කල්හි එක්සත් ජනපදය, රුසියාව, ඊශ්‍රායලය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය වැනි රටවල ආරක්ෂක සමාගම් සහ රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙහි වර්ධනයක් දැක ගත හැක. මෙය ජාත්‍යන්තර සහයෝගීතා සඳහා, ව්‍යාපාරික ගනුදෙනු සහ අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැපයීම සිදු කරයි. Lockheed Martin, Boeing, Airbus සහ Dassault Aviation වැනි ප්‍රමුඛ අභ්‍යවකාශ නිෂ්පාදකයින් නිතිපතා Aero India හා සම්බන්ධ වේ.
ඉතිහාසය
Aero India ප්‍රථම වරට 1996 දී කර්නාටකයේ බැංගලෝරයේ එනම් වර්තමාන දැන් බෙංගාලෝර්හි දී Hindustan Aeronautics Limited (HAL) ගුවන් තොටුපළේ දී පවත්වන ලදී. මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද අතර ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සමාගම් සමඟ සහයෝගීතාවය දිරිගැන්වීම සහ රටේ ආරක්ෂක තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම යන කරුණු කාරණා අරමුණු කර ගනිමින් පවත්වා ඇත. එමෙන් ම මෙය වර්තමානය දක්වා මෙම ප්‍රදර්ශනය විකාශනය කිරීමට අඩිතාලම ද සැපයී ය. මේ වන විට ප්‍රදර්ශනයන් 14ක් සාර්ථකව පවත්වා ඇත. 1998 දී පවත්වන ලද දෙවන ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර සහභාගීත්වය වර්ධනය කිරීම හා ඉන්දියාවේ ආරක්ෂක ගුවන් සේවා අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර ඇත. Aero India 2001 මගින් ඉන්දියාවට නවීන තාක්‍ෂණය සහ උපකරණවල ශක්තිය ලෝකයට පෙන්වීමට සමත් විය. Aero India 2003 ගත් කල ඉන්දියානු ගුවන් හමුදාවේ නවීකරණ සැලසුම් ප්‍රදර්ශනය කරමින් සැලකිය යුතු ජාත්‍යන්තර සහ දේශීය සහභාගීත්වයක් පෙන්නුම් කරන ලද ප්‍රදර්ශනයක් විය. එමෙන් ම Aero India 2005 දී ඉන්දියාවේ දේශීයව සංවර්ධනය කරන ලද 'තේජාස් ගුවන් යානයේ මංගල දර්ශනය' සිදු වූ අතර එය ප්‍රධාන විශේෂත්වයක් උසුලන්නට විය. එපමණක් නොව වඩාත් දියුණු තාක්ෂණික සංදර්ශනවල ආරම්භය ද Aero India 2005 සනිටුහන් කළේය. Aero India 2007 තුළ දී ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් (Surya Kiran) සහ සාරංග් (Sarang) වැනි කණ්ඩායම් විසින් ඉහළ මට්ටමේ ගුවන් යානා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් එහි වටිනාකම වැඩි කරමින් ඉන්දියාව ගෝලීය වශයෙන් ඉහළ ස්ථානයකට ගෙන යාමට සමත්ව තිබුණි. ගෝලීය ආර්ථික පසුබෑම මධ්‍යයේ වුවද, Aero India 2009 පැවැත්වුණ අතර ඉන්දියාවේ වර්ධනය වන අභ්‍යවකාශ කර්මාන්තය පිළිබඳව සහ ගෝලීය අභ්‍යවකාශ වෙළඳපොලේ දිනෙන් දින වැඩිවන වැදගත්ක ම පිළිබඳව ප්‍රදර්ශනය කළේය.

Aero India 2011 යනු වැදගත් ඓතිහාසික වටිනාකමක් එක් කරන ලද ප්‍රදර්ශනයක් විය. එනම් ඉන්දියාව සහ රටවල් කිහිපයක් අතර ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීම එහි දී සිදු විය. එමෙන් ම ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත විශේෂ පද්ධති වැනි අභ්‍යවකාශ තාක්‍ෂණවල අනාගතය කෙරෙහි ද මෙහි දී අවධාරණය කිරීමක් ද සනිටුහන් කරනු ලැබී ය. ඉන්පසු එක්සත් ජනපදය සහ රුසියාව වැනි රටවලින් උසස් තාක්ෂණයන් ඉස්මතු කරමින් Aero India 2013 ප්‍රදර්ශනය පවත් වන ලදි. F-35 සහ Rafale ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ඉහළ මට්ටමේ ආරක්ෂක ප්‍රදර්ශනාගාර කිහිපයක් ද මෙහි දී දැක ගත හැකි විය. Aero India 2015 ගත් කල ඉන්දියාවේ දේශීය නිෂ්පාදනය අවධාරණය කිරීම සඳහා 'Make in India' යන තේමාව ඔස්සේ මුල පිරීම සිදු කළේය. එමෙන් ම මෙහි දී සැහැල්ලු සටන් ගුවන් යානා (LCA) සහ ඩ්‍රෝන යානා වැනි ඉන්දියාවේ නිෂ්පාදිත අභ්‍යවකාශ තාක්ෂණයන් ලොවට ම ප්‍රදර්ශනය කරන ලදී. Aero India 2017 හි විශාලත ම විශේෂත්වය වූයේ ඉන්දියාවේ ආරක්ෂක නවීකරණය කෙරෙහි අඛණ්ඩ අවධානයක් යොමු කර තිබීමයි. ජාත්‍යන්තරයේ සුප්‍රසිද්ධ අති නවීන ප්‍රහාරක ජෙට් යානා, UAVs සහ හෙලිකොප්ටර් ආදිය මෙහි දී ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි. ඉන්දියාවේ පළමු දේශීය UAV වන Rustom ගුවන් ගත කිරීමේ ඓතිහාසික දිනය ද විය. ආරක්ෂක සහයෝගීතා සහ හවුල්කාරිත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ප්‍රදර්ශනයක් ලෙස Aero India 2019 දැක්විය හැක. එමෙන් ම ඒකාබද්ධ ව්‍යාපාර ගණනාවක් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදර්ශනයක් වශයෙන් ද මෙය දැක්විය හැක. කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට ගොදුරු වෙමින් සිටි කාල වකවානුවක් වුව ද, Aero India 2021 ප්‍රදර්ශනය භෞතික සංදර්ශනයන් සමඟ අතථ්‍ය සහභාගීත්වය එක්කර ගනිමින් නවත ම මුහුණුවරකින් පවත්වන ලදි. අවසාන ලෙස පවත්වන ලද Aero India 2023 "බිලියන අවස්ථා සඳහා ධාවන පථය" (The runway to a billion opportunities) යන තේමාවෙන් ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන හැකියාවන් සමරනු ලැබීය. Tejas Mk2, දේශීය ඩ්‍රෝන යානා සහ F-15EX සහ F-35 වැනි උසස් ප්‍රහාරක ගුවන් යානා එදින පවත්වන ලද ප්‍රධාන විශේෂතා අතරට ඇතුළත් විය.
Aero India සංදර්ශන පැවැත්වන්නේ ඇයි?
මෙම ප්‍රදර්ශනය ගෝලීය වශයෙන් ආකර්ශනය කරන එක් සාධකයක් වන්නේ ගුවන් සංදර්ශනයි. විවිධ ගුවන් හමුදා බලකායන් සහ ආරක්ෂක සංවිධාන විසින් මෙසේ ගුවන් යානා සංදර්ශනයන් සිදු කරනු ලබයි. Surya Kiran Aerobatic Team (Indian Air Force) සහ Sarang (Indian Air Force Helicopter Display Team) නිත්‍ය ගුවන් සංදර්ශන දක්වන සුප්‍රසිද්ධ කණ්ඩායම් ද්විත්වය වේ.
ජාත්‍යන්තර සහභාගීත්වය: ප්‍රදර්ශනය මූලික වශයෙන් ඉන්දියාව කේන්ද්‍රීයව මෙම ප්‍රශර්ශනය පැවැත්වුණ අතර වර්තමානය වන විට ගෝලීය අභ්‍යවකාශ ප්‍රදර්ශනයක් දක්වා මෙය වර්ධනය වී ඇත. Boeing, Lockheed Martin, Dassault සහ Airbus වැනි ජාත්‍යන්තර ආරක්ෂක සමාගම්, අති නවීන ගුවන් යානා සහ තාක්‍ෂණය ප්‍රදර්ශනය කිරීමට මෙම අවස්ථාව භාවිතා කරයි.
වසර ගණනාවක් පුරා, Aero India Tejas සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානා, LCA (සැහැල්ලු සටන් ගුවන් යානා) සහ උසස් මධ්‍යම ප්‍රහාරක ගුවන් යානා (AMCA) වැනි දේශීය අභ්‍යවකාශ තාක්‍ෂණයේ ඉන්දියාව තැබූ නව පියවරයන්හි ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් බවට මෙම ප්‍රදර්ශනය පත්ව ඇත.

Aero India යනු අභ්‍යවකාශ කර්මාන්තයේ නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් සඳහා ප්‍රධාන ව්‍යාපාරික සිදුවීමකි. මෙම උත්සවය විශේෂයෙන් ජාත්‍යන්තර සහ ඉන්දියානු සමාගම් අතර ආරක්ෂක සහ අභ්‍යවකාශ ගනුදෙනු කිහිපයකට පහසුකම් සලසා ඇති අතර ඉන්දියාවට ආරක්ෂක ගිවිසුම් ලබා ගැනීමට උපකාරී වී ඇත. ගුවන් යුධ තාක්ෂණය දුර්වල රාජ්‍යයන්ට සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඉන්දියානු සහයෝගය ලබා ගැනීම දෙගඩියාවකින් තොරව සිදු කරගැනීමට මෙය කදිම අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි.
එපමණක් නොව සිවිල් ගුවන් යානා සහ අභ්‍යවකාශ තාක්‍ෂණය ද මෙහි විශේෂාංගයන් අතර වන අතර මෙම උත්සවය ප්‍රධාන වශයෙන් ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන යානා, මිසයිල සහ ආරක්‍ෂක තාක්‍ෂණයන් සම්බන්ධ ප්‍රධාන නිවේදන සමඟින් හමුදා ගුවන් සේවා කෙරෙහි ද අවධානය යොමු කරනු ලබයි.
උපායමාර්ගික හවුල්කාරිත්වයන් සඳහා ද මෙය මගපෙන්වනු ලබයි. එනම් Aero India මගින් ඉන්දියාව සහ විදේශ රටවල් අතර ද්විපාර්ශ්වික ගිවිසුම් සහ ආරක්ෂක සහයෝගීතාව සඳහා පහසුකම් සපයනු ලබයි. ඉන්දියාවේ ආරක්ෂක සහ අභ්‍යවකාශ හැකියාවන් ශක්තිමත් කරමින් බොහෝ හවුල් ව්‍යාපාර මෙම උත්සවයේ දී දියත් කිරීම සිදු කරනු ලබයි.
එමෙන් ම සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් තරුණයින් අතර ගුවන් සේවා වෘත්තීන් කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට Aero India ප්‍රදර්ශනය කටයුතු කරනු ලබයි. මෙම ප්‍රදර්ශනය මගින් ඔවුන්ට ගුවන් යානා, සිමියුලේටර් සහ වෙනත් අභ්‍යවකාශ තාක්ෂණයන් ගවේෂණය කිරීමට කදිම අවස්ථාවක් නිර්මාණය කරයි.

Aero India 2025
Aero India 2025 එළැඹෙන පෙබරවාරි 10-14 දක්වා යන දිනයන්හි ඉන්දියාවේ බැංගලෝර්හි පැවැත්වීමට නියමිතව පවති. මේ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව F-16 සහ F-35 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉන්දියාවට යැවීමට අපේක්ෂා කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය යටතේ ලොව ප්‍රමුඛ සන්ධාන සහ වැඩසටහන්වලින් අමෙරිකාව ඉවත්වෙමින් සිටින පසුබිමක Aero India 2025 ප්‍රදර්ශන වැඩසටහනට අමෙරිකානු හමුදාව සහභාගී වීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක. එමෙන් ම රුසියාව ද Aero India 2025 හි සිය සහභාගීත්වය තහවුරු කර ඇති අතර ඔවුන්ගේ Su-57 වර්ගයේ පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය ඒ සඳහා දියත් කරවන බව ද මේ වන විට වාර්තා වෙයි. කෙසේනමුත් මෙම අතිඋත්කර්ෂවත් ප්‍රදර්ශනය කෙරෙහි මුලු ලොවක අවධානය යොමු වී ඇති අතර මෙවර අන් සෑම වසරකට ම වඩා සුවිශේෂි විශේෂාංගයන්වලින් උත්සවය වර්ණවත් වනු ඇති බව ද අපට නොඅනුමාන ය.
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි