/
/
title icon
පැය එකහමාරක විදුලි කප්පාදුවක් - නොරොච්චෝලේ 14 යළි ජාතික පද්ධතියට
පැය එකහමාරක විදුලි කප්පාදුවක් - නොරොච්චෝලේ 14 යළි ජාතික පද්ධතියට
Editor
2 weeks ago
Share:
පැය එකහමාරක විදුලි කප්පාදුවක් - නොරොච්චෝලේ 14 යළි ජාතික පද්ධතියට

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද සහ හෙට දිනවල පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා. 

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය පරිදි කාණ්ඩ 4ක් යටතේ අද සහ හෙට දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති. 

විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැය 1යි විනාඩි 30 බැගින් ක්‍රියාත්මක වනවා. 

මේ අතර, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

ඒ අනුව පෙබරවාරි 14 වැනිදා එය ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required