
එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබෙනවා.
අදාළ සතුන් ඊයේ දින මෙරටට ගෙන්වා තිබෙනවා.
හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙත ද, අනෙක් සතුන් දෙහිවල සත්ත්ව උද්‍යානය වෙත ද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිත බවයි.