/
/
title icon
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි
Presila Sandaruwani
2 weeks ago
Share:
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු සඳහා බඳවාගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු 3,519ක් සඳහා බඳවාගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන්නේ.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා 2024-12-30 දින පැවති රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණා.

එහි දී මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"7000ක්, 8000ක්,10 000ක් බඳවා ගන්නවා කියලා කරන ඒවා නෙමෙයි මේ. සේවා අවශ්‍යතාව බලලා ප්‍රමුඛතාව මත තමයි බඳව ගන්නේ. හෝල්සේල් බඳවා ගැනීම් කරන්නේ නෑ. අගමැති කමිටුවේ අනුමැතිය ඇවිල්ලා තියෙනවා. උපරිම මාස දෙකක් ඇතුළත බඳවා ගැනීම් කරන්න පුළුවන් වේවි. මේ කිසිදු පත්වීමක් දේශපාලන වුවමනාවට පුරවන්නේ නෑ. ඒ ඇමතිගේ පළාතෙන් පුරවන්නේ නෑ, රාජ්‍ය සේවය තවදුරටත් බරක් වෙන තැනකට අපි ගේන්නේ නෑ."
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required