/
/
title icon
හෙට දිනයේ කප්පාදුවකින් තොරව විදුලිය මුලු දිවයිනට ම
හෙට දිනයේ කප්පාදුවකින් තොරව විදුලිය මුලු දිවයිනට ම
Presila Sandaruwani
2 weeks ago
Share:
හෙට දිනයේ කප්පාදුවකින් තොරව විදුලිය මුලු දිවයිනට ම

හෙට දිනය පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවකින් තොරව දිවයින පුරා විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ සමාන්‍ය රාජකාරි දිනයකට තිබෙන ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පෝය දිනයක දී පවතින බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසූවා.

සාමාන්‍ය රාජකාරි දිනයක දී විදුලි ඉල්ලුම මේගා වොට් 2,600ක් පමණ වන බව සදහන්.

නමුත් නොරෝච්චෝල බලාගාරය අක්‍රියවීමත් සමඟ මේ වන විට තාප බලාගාර සහ අනෙකුත් බලාගාරවලින් උත්පාදනය වන්නේ මෙගා වොට් 2,300ක් පමණයි.

කෙසේවෙතත් පෝය වැනි නිවාඩු දිනයක දී අවශ්‍ය වන විදුලිය ඉල්ලුම ම‍ෙගා වොට් 2,100ක් පමණ වන බැවින් දවස පුරාම විදුලිය අඛණ්ඩව ලබාදීමේ හැකියාව පවතිනවා.

එමෙන් ම මේ වන විටත් නොරෝච්චෝල ගල්අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් සිකුරාදා දිනය වන විට නිසැකවම එය ජාතික විදුලි සැපයුම එක් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසූවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සිකුරාදා දිනයට ප්‍රථමයෙන් නොරොච්චෝල බලාගාරයේ අලුත් වැඩියා කටයුතු සිදු කර අවශ්‍ය මෙගා වොට් 300, ජාතික පද්ධතියට එකතු කිරීමට සියළු සේවකයින් දිවා රාත්‍රී රාජකාරි කටයුතු සිදු කරන බවයි.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required