/
/
title icon
පොලිසියේ ලොකු පුටු රැසකට එකවර ස්ථාන මාරු
පොලිසියේ ලොකු පුටු රැසකට එකවර ස්ථාන මාරු
Editor
2 weeks ago
Share:
පොලිසියේ ලොකු පුටු රැසකට එකවර ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු ඒ අතර වනවා.

විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required