/
/
title icon
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්
Editor
2 weeks ago
Share:
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ සමගම තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා වුණා. 

කෙසේ වෙතත්, පහසු ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයට ආරම්භය දුන් අසිත ප්‍රනාන්දු ඔස්ට්‍රේලියානු ඉනිමට ලකුණු 7ක් එක්වද්දී ආරම්භක පිතිකරු යුගළම ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළා.

අසිත ලබාදුන් එම ආරම්භය සාර්ථක අවසානයක් කරා රැගෙන ගිය මහීෂ් තීක්ෂණ ඔස්ට්‍රේලියානු ඉනිමෙන් කඩුලු 4ක් ලකුණු 40කට දවාගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස්කළා.

ශ්‍රී ලංකාවටද සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 55ක් තුළ බිඳවැටුණා.

කෙසේ වෙතත්, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 127ක් රැස්කර ගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required